විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව එලේනා රයිබකිනා දිනා ගනියි.

සෙනසුරාදා(09) පැවති කාන්තා කේවල අවසන් විම්බල්ඩන් තරගයේ ශූරතාව දිනාගැනීමට එලේනා රයිබකිනා සමත් වී තිබේ. මෙය ඇයගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර කසකස්තානය වෙත කුසලානය ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ. එලීනා රුසියාවේ උපත ලැබුවද ඇය කසකස්තානය නියෝජනය කරනු ලැබීය.
ඇය විසින් නිම කරන ලද තරඟාවලිය තුළ ඇගේ ක්‍රීඩා කිරීමේ විලාශය අතිශය ජව සම්පන්න විය. තාක්ෂණය අතින් පිරිපුන් විය. මෙම තරඟාවලිය තුළ ටියුනීසියානු වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වන ජබියුර් බිඳ දැමීම මෙහිදී කාගේත් කතා බහට ලක් වූ තරඟාවලියක් විය. ඇය ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටි ක්‍රීඩිකාවකි. මෙම ජයග්‍රහණයෙන් පසු එලේනා 2011 වසරෙන් පසු ලාබාලතම විම්බල්ඩන් ශූරිය බවටද පත් වූවාය.
“ඒක ඇත්ත, මම විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟයක දෙවන සතියට එන්න බලාපොරොත්තු වුණේ නැහැ. ජයග්‍රාහකයෙක් වීම පුදුම සහගතයි. මම කොච්චර සතුටු වෙනවාද කියලා කියන්න මට වචන නැහැ.” ලෙසයි එලේනා රයිබකිනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...