ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ජේෂ්ඨ නිලධාරියකු වූ හයිතම් අලි ටබටබායි ඝාතනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය හමුදාව විසින් ලෙබනනයේ අගනුවර වන බේරූට් හි තදාසන්න හ්‍රෙයික් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා හි ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානී, සයිද් අබු අලි ලෙසද හැඳින්වෙන හයිතම් අලි ටබටබායි ඉලක්ක කරගෙන දියත් කරන ලද බව ඊශ්‍රායලය නිවේදනය කර ඇති අතර පසුගිය වසරේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අනතුරු ඇඟවීමකින් තොරව සිදු වූ පළමු ප්‍රහාරය මෙයයි.

හිස්බුල්ලාහි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු හයිතම් අලි ටබටබායි පුළුල් හමුදා අත්දැකීම් ඇති අයෙකු වශයෙන් සැලකෙන අතර ඔහු හිස්බුල්ලා සංවිධානයේ හමුදා නායකත්වය ප්‍රතිසංවිධානයකර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිබුල්ලා සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, 1982 දී දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධක ව්‍යාපාරයක් ලෙස ටබටබායි එහි කොටසක් වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...