දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:

2025 වසරේ ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ, 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින් බදු ගෙවීම සඳහා මේ වසරේ (2025) මේ දක්වා ලියාපදිංචි කරගත් බවයි.

මෙසේ අලුතින් බදු දැලට එකතුකරන්නන් සියලු දෙනා වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24 පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළ අතර, තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 සීමාව ද, බදු ගෙවීම සඳහා ලියාපදිංචි සමාගම් ප්‍රමාණය 118,000 ද සහ වැට් බදු සඳහා ලියාපදංචි ප්‍රමාණය 30,000 ද ඉක්මවා ගොස් ඇති බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...