පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

Date:

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතී.

ඒ අනුව ඉහත සඳහන් කළ පළාත්වල අද (25) සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...