ගිනිබත් වූ අගමැතිගේ නිවස බලන්න පැමිණි උලපනේ හිමිට දැඩි විරෝධය (VIDEO)

0
21336

ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයකි.

එම විරෝධය හමුවේ එම ස්ථානයෙන් ඉවත්වීමට උන්වහන්සේට සිදු විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාද ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණය සඳහා පැමිණ සිටියේය.

වාර්තා වන පරිදි අගමැතිවරයාගේ නිවස සම්පූර්ණයෙන් පහේ ගින්නෙන් විනාශ වී තිබේ.

ASK