මඩකලපුව කොක්අඩිචෝලේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW :

ඉකුත් දා, මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ බව කියන පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (26) දින මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කරන ලද්දේ, සැකකරුවන් විසින් කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු දෙකක් ගලවා ඇති බවයි.

තවද, කදිරවේලි ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු 03ක්,  හා පංකුඩාවේලි ප්‍රදේශයේ එක් පුරා විද්‍යා නාම පුවරුවක් ගැලවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, කදිරවේලි ප්‍රදේශයේ ගලවා දැමු එක් නාම පුවරුවක් හා පංකුඩාවේලි ප්‍රදේශයේ ගලවා දැමූ නාම පුවරුවක් මේ වනවිට සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ (25) මඩකපුව කෝරලේපත්තු ප්‍රදේශයේ ගලවා දැමූ පුරා විද්‍යා නාම පුවරු හත යළි සවිකරන්නැයි වාලච්චේන අධිකරණය කෝරලේපත්තු ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු 5 දෙනෙකුට දින නියෝග කරන ලදි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.ඊට සම්බන්ධ සැකකරුවන් 4කු ඊයේ (25) අධිකරණයට භාර වූ බවද වාර්තා වේ.

එක් සැකකරුවෙකු ඊට පෙර අත්අඩංගුවට ගැනුණු අතර, පොලීසිය එහිදී අධිකරණයට පැවසුවේ ගලවා තිබූ  පුරාවිද්‍යා නාමපුවරු 7ක් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබී සිය භාරයට ගත් බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

අද (නොවැම්බර් 22) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර...

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...