පරිසරය වෙනුවෙන් ගත් හොඳම තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW :

ධර්ම සුගන්ධ මනුසත් පදනම” මගින් 2025-2026 ශ්‍රීපාද වන්දනාවාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වන්දනාකරුවන්ට සීත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා පිරිසිදු පානීය ජලය ලබා දීමට පියවර ගෙන තඇති බව වාර්තා වේ.

එම පදනමේ ලේකම් පියතිස්ස වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ, ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි එම පදනම මගින් රු.මිලියන 450ක් වැය කර සීත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා ජල නල යොදා පැය 24 පුරා පානීය ජලය ලබා දීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

එම පදනමේ ලේකම්වරයා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඉකුත් ශ්‍රි පාද වන්දනාවාරවලදී මෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමයෙදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දැනට ලබා දී ඇති පානිය ජල යෝජනා ක්‍රමයට කිසිදු හානියක් සිදු නොකර ශ්‍රී පාදස්ථානය පුජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාදය කරුණා කරන ලෙසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් කියා සිටියේ, 2025-2026 ශ්‍රීපාද වන්දනාවාරයෙදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, වතුර බෝතල් අලෙවි කරන ස්ථානවල වතුර ලීටරයට ඉහළින් වූ වතුර බෝතල් පමණක් අලෙවි කල යුතු බවත්, එසේ අලෙවි කරන වතුර බෝතල් පරිසරයට මුදා හැරීම වළක්වා ගැනීමට වතුර බෝතල් අලෙවි කරන වෙළදසැල් හිමියන් විසින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!