ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW:

පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල් තුන සහභාගි වන තුන් කොන් තරගාවලියේ පළමු වටයේ අවසාන තරගය ලෙස නොවැම්බර් 27 වන දා ශ්‍රී ලංකාව සහ පකිස්තානය තරග වදින තරගයෙන් අවසාන තරගයට එන්නට නම් ශ්‍රී ලංකාව තරගය ජය ගත යුතුමය.මේ තරගාවලියේ පරාජයන් රැසක් සමඟ පසුබැස්මක් පෙන්වුවද ශ්‍රී ලංකාව සහ පකිස්තානය සහභාගි වූ අවසන් විස්සයි විස්ස තරග පහෙන් තුනක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවය.ඒ නිසා මේ දක්වා සහභාගි වූ තුන්කොන් තරගාවලියේ තරග තුනෙන් දෙකක් පරාජය වී එකක් පමණක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව,එම පරාජයන්වලට මුහුණ දුන් ආකාරයේ දුර්වලාවය නිසා සිටින්නේ අවසාන තරගයට සිම්බාබ්වේ කණ්ඩායම යාම නැවත්වීමටනම් අනිවාර්යෙන් පකිස්තානය පරාජය කළ යුතු තත්ත්වයකය.


එහෙත් රාවල්පිණිඩ් නුවර හෙට දවස ගැන ඇසෙන ඇතැම් සැක සහිත ආරංචිවලින් කියවෙන්නේ පකිස්තානු හිටපු අගමැති සහ පකිස්තානයට ලෝක කුසලානය ගෙන දෙන්නට මුල් වූ ක්‍රිකට් නායකයාද වන ඉම්රාන් ඛාන් මියගොස් ඇති බවත් හෙට ඔහුගේ අවසාන කටයුතු රාවල්පිණ්ඩි නුවරදී සිඳුවන බවත්ය.එය තවමත් පකිස්තාන රජය සනාත කර නැතත් ඇතැම් මාධ්‍යය ඔහුව සිරගෙදරදී ඝාතනය කළ බවට තොරතුරු වාර්තා කර ඇත.
ඉම්රාන්ගේ රෝගී තත්ත්වය නොසළකා හැරීම නිසා මෙන්ම අධිකරණ තීන්දුවට ද පිටුපාමින් ඉම්රාන්ගේ සොහොයුරියන් තිදෙනාටවත් ඔහුව බැලීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ආඩියාලා බන්ධනාගාරයට මෙන්ම පළාතේ පොලිස් ප්‍රදානීන් ද මේ වන විටත් දැඩි දෝශදර්ශණයට ලක් වි ඇත.එසේම මේ වන විට මීට විරෝධය පළ කරමින් බන්ධනාගාරය අසළ රැදී සිටි පිරිසට විදුලි පහන් නිවා දමා ප්‍රහාරයක් එල්ල කරන්නට පන්ජාබ් පොලීසිය ක්‍රියා කළ බවට එහි ප්‍රධානීන්ට දැඩි චෝදනා එල්ල වන අතර එයින් ඉම්රාන්ගේ 71 හැවිරිදි සොහොයුරියක්ද තුවලා ලබා ඇත.


ඉම්රාන්ගේ සිඳුවීම සම්බන්ධයෙන් වන ආරංචිය ඇතිතක්නම් එය ලෝක දේශපාලනයෙන්ද පකිස්තානය විශාල ලෙස කොන්වීමට හේතුවක් වනු ඇත.රජයක් සිය පොලිස් හමුදාවන් හරහා සිය දේශපාලන උවමනාවන් ඉටු කර ගැනීමට යාමෙන් මුහුණ පාන ජාත්‍යන්තර අර්බූද ගැන ඉම්රාන්ගේ සිඳුවිම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මාධ්‍යයද නිතර කතා කරනු දකින්නට ඇත.


මේ තත්ත්වය යටතේ සත්‍යයක් වනු ඇතැයි අපේක්ෂා නොකරන ඉම්රාන් සම්බන්ධ අවාසනාවන්ත පුවත සත්‍යයක් වුවහොත් හෙට තරගය පැවත්වීමේ අවදානමක් පැන නඟිනු ඇත.ලෝකයේ සිටින ප්‍රබලතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිතවතෙකු ද වන ඉම්රාන් ඝාතනය කර ඇත්නම් ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක තරග වැදීමේ සදාචාරත්මක සහ ප්‍රතිපත්තිමය ගැටළුවක් ද ඇති වනු නොඅනුමානය.


මේ සමඟ දැක්වෙන්නේ ඇතැම් විදේශ මාධ්‍ය පළකරන ඉම්රාන්ගේ ඡායාරූපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...

ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා...

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...