පිට පළාත්වලට ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ලිට්රෝ ලංකා ගෑස් සමාගම පවසනවා. ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ අද සිට දෛනිකව ගෑස් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.
හිගයකින් තොරව ගෑස් සැපයීමට සමාගම සූදානම් බැවින් තෙවැනි පාර්ශ්වයකින් වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසද සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
ලබන 16 වැනිදා ගෑස් තොග රැගත් තවත් නෞකාවක් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ අනුව ජුලි මස 31 වැනිදාට පෙර ගෑස් අර්බුදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බවද ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.
UN