උකුසු ප්‍රහාරය සැරසෙයි : රනිල්ට එරෙහිව කඩිනමින් විශ්වාසභංගයක් ?

Date:

වහාම පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එක් දිනක් තුළ සම්මත කර ඒ මහතාව තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ වනවිටත් මේ සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙම යෝජනාව හැකි ඉක්මනින් කථානායකවරයාට දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේ.

මෙම යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ ද සහාය ලැබීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා කලක පටන් රනිල් වික්‍රමසිංහ මහතා සමග කෝපයෙන් පසුවන අතර ඔහු වරක් පොදුවේ ප්‍රකාශ කර තිබුණේ තමන්ට කෙණෙහිලිකම් කළ අයට තමන් උකුස්සෙකු මෙන් පහරදෙන බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...