ඉල්ලා අස්වීමේ ලියුම මන්ද පමා ? හේතුව හෙළිවෙයි …

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) අළුයම මෙරටින් පිටව මාලදිවයින කරා ගිය අතර එතැනින් ඒ මහතා මුලින්ම යාමට උත්සාහ දරා තිබුණේ ඩුබායි රාජ්‍යය කරා ය.

නමුත් ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් අතිවිශාල සංඛ්‍යාවක් සේවය කරන නිසා ඔවුන් අතර යම් කැළඹීමක් මතුව විරෝධතා උද්ඝෝෂණ පැනනැඟීමේ අවදානම හේතුවෙන් ඩුබායි බලධාරීන් ඒ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ඉන් අනතුරුව ඒ මහතා සිංගප්පූරුව කරා යාමට උත්සාහ දරා තිබුණු අතර ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගැනීමට සාකච්ඡා කිරීමටත් යම් සැලකිය යුතු කාලයක් ගතව තිබුණු බව සඳහන්.

යම් පුද්ගලයකු යම් රටකට ඇතුළු වීමට යාමේදී ආගමන විගමන අංශයේදී ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුවහොත් ආගමන විගමන නීති අනුව සිදුකෙරෙන්නේ එම පුද්ගලයාව ඔහු පුරවැසිභාවය දරණ රටට පිටුවහල් කිරීමයි. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැන්නක් සිදුවිණි නම් ඔහුට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන්නේ සාමාන්‍ය පුරවැසියකු වශයෙනි. නමුත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී නොසිටියේ නම් ආපසු හරවා එව්වත් ඔහුට ජනාධිපතිවරයා වශයෙන් මුක්තිය සහ වරප්‍රසාද සහිතව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වන්නේ මෙම නීතිමය සහ තාක්ෂණික කරුණු මත පදනම්ව ය.

ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට ඇතුළු වී එහි ස්ථාවර වූ පසුව ඒ මහතා විසින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...