අතිගරු සහ ජනාධිපති කොඩිය තහනම් කරමින් රනිල් අලුත් ගමනකට සැරසෙයි! (VIDEO)

Date:

වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි පැවසුවේ.

ජනාධිපතිවරයා හැඳින්වීමට යොදන අතිගරු නාමය සහ ජනාධිපති කොඩිය තහනම් කරන බවට වික්‍රමසිංහ මහතා අවධාරණය කරන ලදී.

මෙහිදී පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන ලෙසද හෙතෙම කියා සිටියේය.

”ජීවත් වීමට හා දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුයි. ඒ නිසා රට ගැන සිතා රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටිනවා. මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලනය වෙත හැරෙමු. වැඩ බලන ජනාධිපති ලෙස මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහතා අතිගරු යන වචනය දීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තියෙන්න ඕනේ එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අපි ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවණ ලබමින්.”

මේ වන විට නව ප්‍රවේශයකින් ගමනක් යාමේ පසුබිම සැකසී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...