හමුදාව නැති වුණොත් සිපෙට්කෝ පිරවුම්හල් වල තෙල් බෙදිල්ල කොට උඩ! (VIDEO)

Date:

අද (15) රාත්‍රියේදී පැමිණීමට නියමිත ඩීසල් නෞකාව පැමිණියහොත් හෙට හෝ අනිද්දා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත හැරීම සිදුකළ හැකි අතර මේ වන විට නිකුත් කර තිබෙන කූපන්වලට ඉන්ධන ලබාදීමේදී ප්‍රශ්න සහගත තත්ත්වයක් උදා වනු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පැවසුවේය.

එම කූපන් නිකුත් කරනු ලැබුවේ යුද හමුදාව විසින් බවත් එහෙත් මේ වන විට ඉන්ධන පිරවුම්හල් වල රාජකාරීවලින් ඉවත් කර තිබෙන හෙයින් එම කූපන් වල වගකීමක් ඉන්ධන පිරවුම්හල් වෙත නොහැකි බවයි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

එහෙයින් ගැටලුවකින් තොරව ඉන්ධන බෙදා දීම සඳහා යුද හමුදාව පැමිණ අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනු ඇති බව විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

එසේ නොවුණහොත් ඉන්ධන පිරවුම් හල් තුළ විශාල විනාශයක් සිදුවනු ඇති බවද ඔහු පැවසුවේය.

මේ අතර අමාත්‍යාංශය යෝජනා කර තිබෙන ඇප් හරහා ඉන්ධන ලබා දීම මේ මොහොතේ ප්‍රයෝගික නොවන බවද ඔහු කියා සිටියේය.

දින 20ක් පමණ ඉන්ධන නොමැතිව ජනතාව කල් ගත කර තිබෙන හෙයින් කළ යුත්තේ හැකි ඉක්මණින් ජනතාව වෙත අවශ්‍ය ඉන්ධන ලබාදීම බව ද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...