දැනට වෙ‍ෙළඳපොලේ අවශ්‍ය තරම් ගෑස් තොග තිබෙනවා – ලිට්‍රෝ සමාගම

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම තම පාරිභෝගිකයන් වෙත දන්වා සිටින්නේ, දැනට වෙ‍ෙළඳපොලේ අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බවත් පිරවීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  ප්‍රවාහන දුෂ්කරතා නොමැති ප්‍රදේශවල ගෑස් සැපයුම සාමාන්‍ය පරිදි සිදුවන අතර, මාර්ග අපහසුතා පවතින ප්‍රදේශ යථා තත්ත්වයට පත් වූ වහාම එම ප්‍රදේශ සඳහා ද ගෑස් සැපයුම ලබා දීමට සියලු විධිවිධාන සුදානම් කර ඇත බවයි.

එමෙන්ම ඔබගේ ප්‍රදේශයේ වර්තමාන ගෑස් සැපයුම සම්බන්ධ තොරතුරු දැනගැනීමට දුරකථන අංක 1311 අමතන ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයන් හට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...