මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

මහනුවර නගරයේ විදුලි සැපයුම මේ වන වට සක්‍රීය තත්ත්වයට පත් කොට ඇති බවත් සෙසු ප්‍රදේශවල විදුලි සපයුම යථාවත් කිරීම කඩිනමින් සිදුවන බව ද ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණය කරගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (01) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදා කළමනාකරණ කමිටුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජල සම්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සක්‍රීය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් නගරයට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සේවා කඩිනමින් ළඟා කර ගැනීම සඳහා කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවර මාර්ගය දැනට භාවිතා කරන බව ඒ මහතා කීවේය.

වැසි රහිත කාලගුණික තත්ත්වය යටතේ මෙම මාර්ගය දැනට ස්ථාවර තත්ත්වයේ පවතින බව කී ඒ මහතා මහනුවර මහියංගනයේ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කර ඇති බවත් දැනට ගල් පෙරළී අවහිර වී ඇති ස්ථාන පිළිසකර කිරීමෙන් අනතුරුව ඉන්ධන ප්‍රවාහනය කිරීමේ විශාල බවුසර් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රධාන මාර්ගය පිළිසකර කරමින් පවතින අතර අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකෙරෙයි.

මහනුවර මහනගර සභාවේ ජල පිරිපහදුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙයි. ඉදිරි දින දෙක තුළදී ජල සම්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...