*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට රතු නිවේදන; ජීවිත අවධානම් පිළිබඳ අනතුරු ඇඟවේ

බටහිර යුරෝපයේ පවතින උෂ්ණාධික තාප තරංග හේතුවෙන් අත්‍යාවශ්‍ය දෙයකට හැර ගමන් බිමන් හැකිතාන් අවම කරන ලෙසත් පොදු මඟී ප්‍රවාහණ භාවිතා කරන ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ ඉරිදා සිට අඟහරුවාදා දක්වා අතර කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 හෝ 40 ඉක්මවනු ඇති බවයි.

2019 වසරෙන් පසුව මෙවර වාර්තාවෙන උෂ්ණත්වය ඉහළයාම සාමාන්‍ය පදිකයන්ට අතිශයින්ම අවධානම් සහගත බව ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.Transport for London (TfL) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Andy Lord පවසා තිබුණේ ලබන සතිය තුළ අධික උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවත්, අත්‍යාවශ්‍ය දෙයකට හැර විවෘත අවකාශයක නොසිටින ලෙසත්, සාමාන්‍ය පදිකයන් අත්‍යාවශ්‍ය ගමන් බිමන් වෙනුවෙන් පොදු මඟී ප්‍රවාහණ භාවිතා කළ යුතු බවත්ය. උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා මේ වන විට ලන්ඩනයේ දුම්ර්ය මාර්ගවල වේග සීමා හදුන්වා දී ඇති අතර තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිතරම ජලය රැගෙන යන ලෙස ඔවුන් මඟීන්ගෙන් ඉල්ලා සිටියි.

අධික උෂ්ණත්වය හේතූවෙන් පිළිස්සීම් ඇතිවිය හැකි අතර එමඟන් විදුලි රැහැන් හා සංඥා උපකරණ වලට හානි සිදුවිය හැකි බව අපේක්ෂා කෙරේ. එබැවින් අත්‍යාවශ්‍ය දෙයකට පිටව යන්නේ නම් මෙම කරුණු පිළිබඳ සලකා බැලීම අතිශය වැදගත් බව TfL නිවේදනය කර තිබේ. පීලි නැමීම හෝ ගැටීම වැළැක්වීම සඳහා නිතිපතා ධාවන උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කෙරෙන අතර අගනුවර තට්ටු දෙකේ බස් රථවල වායු සිසිලන පද්ධති ද පරීක්ෂා කරනු ඇත. දවසේ උණුසුම්ම වේලාවන් වලට මෝටර් රථ නොපදවන ලෙස මෝටර්රථ හිමියන්ට උපදෙස් ලබා දී ඇත.

ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් ලබන සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වන්නේ නම් එවන් පරිසරයක ජීවත්වීම අවධානම් සහගත බව නිවේදනය කර තිබේ. කාලගුණ විද්‍යා කාර්යාලයේ ප්‍රකාශක Grahame Madge ප්‍රකාශ කර තිබුණේ මෙවැනි අවස්ථාවක් මුල් වරට උද්ගතව ඇති අතර ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට උෂ්ණත්වය ඉහළයාමේ රතු නිවේදන නිකුත් කර ඇත. අසල් වාදීන් පිළිබඳ සැළකිලිමත් වන ලෙසත් මෙය අතිශය බරපතල තත්වයක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ද එහි තාප සෞඛ්‍ය අනතුරු ඇඟවීම තුන්වන ස්ථරයේ සිට හතරවන ස්ථරය දක්වා වැඩි කර ඇති අතර මෙය ජාතින අවධානම් සහගත අවස්ථාවකට සමාන බව ප්‍රකාශ කර තිබේ.

දේශගුණ විද්‍යාඥයන මෙම සංසිද්ධි පවතින දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් බව පුරෝකතනය කර ඇත. 2020 ගිම්හානයේදී කාලගුණ විද්‍යාඥයින් විසින් කරන ලද අනාවැකිය පුදුම සහගත ලෙස සමාන වෙමින් පවතින බව ප්‍රකාශ වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ විද්‍යාඥ නිකොස් ක්‍රිස්ටිඩිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශගුණික විපර්යාස දැනටමත් එක්සත් රාජධානියේ උෂ්ණත්ව අන්තයන් ඇතිවීමේ සම්භාවිතාවට බලපා ඇති බවත් මෙම තත්වය බලාපොරොත්තු නොවූ මුත්, සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවීමේ සම්භාවිතාව සීඝ්‍රයෙන් ඉහළ යන බවයි.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan