හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, අද (02) පස්වරුවේ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදී ය.