ගෝල්ෆේස් අරගලයට දින 100 යි !

Date:

ගෝල්ෆේස් අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සපිරේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගත් අතර පසුගිය ජුලි 14 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය.

ඒ අනුව එම අරගලය එහි ප්‍රමුඛතම අරමුණ ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර මේ වනවිට ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවෙහි නිරත වෙමින් සිටී.

මෙම අරගලයට දින 100ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අද දිනයේදී විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...