ප්‍රතිපත්තියක් නැතිව දිගින් දිගටම ණය ගත්තම මොකද වෙන්නෙ ? ලංකාව ඒකට උදාහරණයක් – IMF

Date:

දිගින් දිගටම විදේශ ණය ගැනීම් හේතුවෙන් සහ එම ණය නිසිලෙස කළමනාකරණය නොකිරීමෙන් තුන්වැනි ලෝකයේ රටවල් රැසක් අර්බුදයට ගොස් ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව බවයි එම සංවිධානයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය පවසන්නේ.

ඉන්දුනීසියාවේදී මේ දිනවල පැවැත්වෙන G20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් කළමනාකරණ අධ්‍යක්ෂකවරිය මේ බව සඳහන් කළාය.

දිගින් දිගටම ණය ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන කටයුතු සඳහාද දෛනික විදෙස් රටවලින් ණය ලබා ගැනීමට සිදුව තිබේ. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණය වාරික පියවීමද අත්හිටුවා ඇති අතර මේ නිසා මුල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා යළිත් ණය ලබා ගැනීමට නොහැකි වීමේ අර්බුදයකටද මුහුණ දී සිටී.

අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් තවමත් එය සාර්ථක වී නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...