ප්‍රභාත් ජයසූරිය පකිස්තානුවන්ටත් හිසරදයක් වෙයි

Date:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්තාන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දෙවැනි දිනයයි.

ඊයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 222 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පකිස්තානය මේ වනවිට පන්දුවාර 46 කදී කඩුලු 07 ක් දැවී ලකුණු 104 ක් ලබාගෙන සිටී.

ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගනමින් සිය මංගල තරගය අමරණීය සිහිවටනයක් බවට පත්කර ගත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එම තරගයේදී කඩුලු 12 ක් බිඳහෙළීමට සමත් විය.

පකිස්තානයට එරෙහිවද සුපුරුදු දස්කම් අතරට පැමිණි ප්‍රභාත් මේ වනවිට දැවීගිය කඩුලු 07 න් කඩුලු 05 ක්ම සිය කඩුලු මල්ලට දමා ගැනීමට සමත්ව තිබේ. ඔහු මේ වනවිට පන්දුවාර 18 ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාර 06 ක්ද සමගින් ලකුණු 41 කට කඩුලු 05 ක් දවාගෙන සිටී.

ඒ අනුව ප්‍රභාත් සිය ටෙස්ට් දිවියේ පළමු ඉනිම 03 දීම කඩුලු 05 බැගින් බිඳහෙළා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...