දින 15 ක් තුළ සිංගප්පූරුවෙන් පිටවෙන්න – සිංගප්පූරු බළධාරීන් ගෝඨාභයට දැනුම් දීලා !

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම සිංගප්පූරුවේ රැඳී සිටීම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිකරන්නක් විය හැකි බව සිංගප්පූරු බළධාරීන් පවසනවා. මේ නිසා ඉතා ඉක්මනින් සිය රටින් පිටව යන ලෙසයි එරට රජය, ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙන්නේ.

පසුගිය 09 වැනිදා පැවති අරගලයේ තීරණාත්මක සිදුවීම්වලින් පසු මාලදිවයින වෙත ගිය හිටපු ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර මේ වනවිට ඔහු සිය හිතවතෙකුට අයත් තට්ටු නිවාසයක රැඳී සිටී.

ඊ‌යේ දිනයේදී රාජපක්ෂ මහතා හමු වී ඇති සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කාසිවිශ්වනාදන් ෂන්මුගම් මහතා දැනුම් දී තිබෙන්නේ තවදුරටත් සිංගප්පූරු රජයේ ආරක්ෂාව ලබාදිය නොහැකි බවයි. එනිසා දින 15 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඔහුට දැනුම් දී තිබෙනවා.

මතුව ඇති තත්වය හමුවේ රාජපක්ෂ මහතා ඉන්දියාවට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දීය බළධාරීන්ගෙන් ඉල්ලා ඇති නමුත් ඔවුන් එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙරට මහජන අරගල තීව්‍ර වීමත් සමග සුමට දේශපාලන බල හුවමාරුවකට යොමුවන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ අතර කෙසේ නමුත් රාජපක්ෂ මහතා එම ඉල්ලීමට එකඟ නොවීය.

සිය රටට ඇතුළුවීම සඳහා රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එය හේතු වන්නට ඇති බවයි විචාරකයන් පවසන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පැමිණි වහාම එරට බළධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා සිය රට වෙත පැමිණ ඇති බවයි. ඔහුට රැකවරණය ලබා දීමේ කිසිදු තීරණයක් නොමැති බවත්, එවැනි ඉල්ලීම් සිංගප්පූරුව සලකා නොබලන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත ගොස් තිබුණේ ඉතා ඉක්මනින් සෞදි අරාබිය වෙත යාමේ අරමුණින් බවට වාර්තා වී තිබුණද මේ දක්වා සෞදි අරාබිය හෝ වෙනත් අරාබි රටකට යාමට ඔහු කටයුතු කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...