රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි නාගානන්දගේ පෙත්සම විභාගයට ගන්නවාද ? තීරණය හෙට

Date:

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර ඇති පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබිණි.

ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවා තිබිණි.

පෙත්සම පිළිබඳව ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම විභාගයට ගන්නේද එසේ නැතහොත් ප්‍රතික්ෂේප කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...