ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

අද (07) පෙරවරුවේ , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බව වාර්තා වේ.

මෙහිදී , පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.