UAE විසින් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායකට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

අද (07) දින ආපදා ආධාර වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ,

ඒ අනුව, ඉලුෂියන් අයි.එල්.- 76 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය අද පස්වරු 04.47 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබු අතර, එම ගුවන් යානයෙන් කිලෝ ග්‍රෑම් 13,482 ක් බරැති කූඩාරම් සහ ගමන් මලු තොගයක් රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

එම ආධාර තොගය භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමින සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...