ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන භාෂාව දන්නෙ රනිල් විතරයි – මනුෂ

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්විය යුත්තේ ජාත්‍යන්තරය සමග ඉතා නිවැරදිව ගනුදෙනු කළහැකි පුද්ගලයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජනාධිපති තරගයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති අපේක්ෂකයන් අතුරින් ජාත්‍යන්තරය ජයගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු සමස්ත ලෝකයම පිළිගන්නා, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන භාෂාව ඉතා හොඳින් දන්නා අපේක්ෂකයා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජාත්‍ය්නතර මුල්‍ය අරමුදල සමග ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට පත්වීම අත්‍යවශ්‍ය බවද නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ යනු බොල් නායකයෙකු නොවන බවත්, රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේදී නිවැරදි තීන්දු ගතහැකි නායකයෙක් බවත් පසුගිය මාස දෙකක කාලය තුළදී ඔහු ඔප්පු කර ඇති බවද මනුෂ නානායක්කාර මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!