ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW:

බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු එක්දින තරගයෙන් පරාජයට පත් වුව ද,දෙවන එක්දින තරගයේදි නැවතත් තරගාවලිය සම කරමින් බංගලාදේශයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් කරා යාමට ගත් උත්සාහය ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ව්‍යර්ත කර දැමුවා.තරගාවලිය පුරාම පන්දුවෙන් දස්කම් දක්වමින් සිටි හිමරු දේශාන් ලකුණු 33 කඩුලු 3 ක් දවා ගත් අතර වේග පන්දු යවන්නෙක් ලෙස මේ තරගාවලියේ කැපී පෙණෙන මිනුග නෙත්සර ලකුණු 38 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.හිමරු රාජකීය විද්‍යාලයෙන් 17 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනයට එක්වෙද්දී මිනුග නියෝජනය කරන්නේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයයි.


බංගලාදේශ ඉණිම වෙනුවෙන් අද්රිටෝ සහ ජරීෆ් යම් උත්සාහයක නිරතවෙමින් දෙවන කඩුල්ල සඳහා හොඳ සබඳතාවයක් ඇති කරන්නට උත්දාහ කළත්,අද්රිටෝ ලකුණු 19 ට දැවී ගියා.බංගලාදේශය වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කළ ජරීෆ් ලකුණු 52 ක් රැස් කරන්නට සමත් වුණා.ඒ අනුව බංගලාදේශය සියල්ලම දැවී ලබා ගත්තේ ලකුණු 194 ක් පමණයි.
ලකුණු 194 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉණිම ආරම්භ කරමින් පළමු පන්දුවටම නායක රෙහාන් පීරිස් හයේ පහරක් එල්ල කරමින් අඩු ලකුණු ගණනක් ආරක්ෂා කරන්නට බංගලාදේශය දරණ උත්සාහය තව දුරටත් අභියෝගයට ලක් කරනු ලැබුවා.ඒ නිසාම රෙහාන් සමඟ ඉණිම ඇරඹු රත්ගම දේවපතිරාජයේ අරෝෂ සිතුමින ලකුණු නොලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුව ද රැක ගැනීමට අපොහොසත් වුණා.එම අතහැරිම කෙතරම් පාඩුවක් බංගලාදේශයට අත් කළාද යන්න සහතික කරමින් අරෝෂ එතැන් සිට ලකුණු 50 ක් එකතු කරන්නට සමත් වුණා.


රෙහාන්ව ද දවා ගැනීමට පහසු අවස්ථාවක් ආව ද එයද උඩ පන්දු අත හැරීමෙන් නැති කර ගන්නට බංගලාදේශයට සිඳු වූ අතර,එහෙත් රෙහාන් එයින් පල නොලබා ලකුණු 19 ට දැවී ගියා.හොඳම සබඳතාවය ඇති වූයේ රෙහාන්ගේ රාජකීය හිස්තැන පිරවීමට පැමිණි තවත් රාජකීය නියෝජකයක් වන හිරුන් මතීශ සහ අරෝෂ අතරයි.දෙවන කඩුල්ලට ඔවුන් රැස් කර සබඳතාවය අරෝෂගේ දැවී යාමෙන් බිඳුණත් හිරුන් තරගය නිමා වන තෙක්ම කඩුල්ලේ රැඳෙමින් නොසැවී ලකුණු 80 ක් ලැබ තරගයේ වීරයා ලෙස ද ඇගයීම් දිනා ගත්තා.පන්දු ඕවර් 50 ට පන්දු 25 ක් මෙපිටින් ශ්‍රී ලංකා ඉණිම ලකුනු 195 ක් වෙද්දී දැවී ගොස් තිබුණේ කඩුලු 4 ක් පමණයි.
තරගයේ යූ ටියුබ් දර්ශනය නැරඹීමට අවශ්‍යය කරන්නේනම් ඒ සඳහා පහළින් පිවිසිය හැකියි.
https://bit.ly/4q62Zqh

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...