ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW:

ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත රටේ ක්‍රීඩාව සක්‍රීය වෙමින් පවතී.ඇති වූ තත්ත්වය හේතු කරගෙන කල් දමන්නට සිඳු වූ ක්‍රියාත්මක වෙමින් පැවති ක්‍රිකට්,පාපන්දු සහ රගර් ක්‍රිඩාවට අදාළ ජාතික තරගාවලිය මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවට අදාළව ක්‍රියාත්මක ජාතික තරගාවලි ද මේ වන විට ආරම්භ කිරීමට කටයුතු සැකසී ඇත.


ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විටත් ආරම්භ වී ඇති අතර ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන තුන්දින තරගාවලිය මෙන්ම ටියර් බී තුන්දින තරගාවලියද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.මේ අතර ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මඟින් මෙහෙයවන මැලිබන් පළමු පෙළ තරගාවලිය ද යළිත් මෙම මස 12 වන දා සිට සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.


චැම්පියන් පාපන්දු ලීග් තරගාවලියද අතරමඟ නවතා දැමීමෙන් පසුව දෙසැම්බර් 19 වන දා යළිත් ආරම්භ කිරිමට නියමිත බව,පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් විසින්ම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් සංවිධානය වන මංචි ජාතික වොලිබෝල් සූරතාවලිය වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 12 වන දින යළි ආරම්භ වීමට කටයුතු සංවිධානය කර ඇත.
මේ වන විට ගංවතුර බැස ගිය ද ජාතික ව්‍යසනයේ වේදනාත්මක මතකයන් සහ ඒවා සෘජුවම බල පෑ සහ ඒ සම්බන්ධ අමිහිරි මතක සහිත පිරිස් මේ තරගාවලි නැවත සක්‍රීය වන මොහොතේ යළි ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත.ඒ සියල්ල වෙනුවෙන් ක්‍රීඩාවේ දි එහි ආනන්දජනක බව සමඟ අපූර්ව දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ශක්තිය හා දිරිය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...