අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :

මරදාන පොලිස් වසමේදී , අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මොවුන් දෙදෙනාට අයත් චෝදනා වන්නේ, සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතුරම්  සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීමයි.

මෙම සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර,  සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතුරම්  15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැක කරන රුපියල් පහලොස් ලක්ෂ තිස් හතර දහසක මුදලක් ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී ඇත.

මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන විමර්ශන සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...