බ්‍රිතාන්‍යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්‍රස් අතර

Date:

කන්සවේටිව් පක්ෂ නායකත්වය හා මීළඟ අග්‍රාමාත්‍යධූරය වෙනුවෙන් ඊයේ (20) දිනයේ පැවැති ඡන්ද විමසීමේදී ලබාගනු ලැබූ වැඩිම මනාප අනුව, රිෂී සුනක් හා ලීස් ට්‍රස් අවසන් කන්සවේටිව් පාක්ෂික ඡන්ද විමසීම වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු අගමැති බොරිස් ජොන්සන් මෙම මස මුල්දී පක්ෂ නායකත්වයේන ඉල්ලා අස් වූ අතර හිස් වූ කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් හා අගමැති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද විමසීම වට පහකට වඩා පැවැති අතර අපේක්ෂකයන් 10 දෙනෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත් විය.
ආරම්භයේදී ම රිෂී සුනක් ඉදිරියෙන්ම සිටි අතර ඔහු ඊයේ (20) පැවති ඡන්ද විමසීමෙන් ලබා ගනු ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව 137කි. ට්‍රස් ඡන්ද 113ක් ලබා ගනු ලැබූ අතර මේ වන තෙක් දෙන තැනට වැඩිම ඡනද ලබා ගනු ලැබූ පෙනී මෝර්ඩන්ට් හට ඊයේ දිනයේ ලබා ගත හැකි වූයේ ඡන්ද 105ක් පමණි.

ඒ අනුව, වැඩිම මනාප ලබා ගනු ලැබූ අපේක්ෂකයන් දෙදෙනා පක්ෂයේ සාමාජිකයින් 160,000 කගේ මනාපයට අනුව සැප්තැම්බර් මාසයේදී, ජයග්‍රාහකයා සහ මීළඟ අගමැති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ඇත.

සිය ජයග්‍රහණය පිළිබඳව රිෂි සුනක් ට්විට්හි සඳහන් කර තිබුණේ තමන්ට සහයෝගය දැක්වූ සගයන් වෙනුවෙන් කෘතඥ වන බවත් අපගේ පණිවුඩය රට පුරා බෙදා හැරීමට දිවා රෑ නොබලා වැඩ කරන බවත්ය.

බ්‍රිතාන්‍යයේ අග්‍රමාත්‍යවරයෙකු සිය නිල කාලය තුළ නීතිය කඩ කළ මුල්ම අවස්ථාව සනිටුහන් වන්නේ බොරිස් ජොන්සන්ගේ ධූර කාලයේ ය. ඒ අනුව කන්සවේටිව් පක්ෂය රට තුළ අපකීර්තියට පත්ව ඇත. අවසන් අපේක්ෂකයන් දෙදෙනා බහුතර පාක්ෂික ඡන්ද විමසීමකට මුහුණ දෙන්නේ මෙවන් පරිසරයකය.
රිෂී සුනක් 2020 සිට 2022 දක්වා ජොන්සන්ගේ මහා භාණ්ඩාගාරයේ චාන්සලර් (මුදල් ඇමති) ලෙස සේවය කළ අතර, කොරොන වයිරස් වසංගතය අතරතුර ෆර්ලෝ යෝජනා ක්‍රමය සහ අවන්හල්වල ආහාර ගැනීම සඳහා වට්ටම් වැනි ජනප්‍රිය ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් පසු බොහෝ දුරට මහජනයා අතර ජනප්‍රිය විය. ඉන්දියාවේ පදිංචිව සිටින ඔහුගේ කෝටිපති බිරිඳවන අක්ෂාතා මූර්තිගේ බදු තත්වය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් පසු ගිය දා ඔහු යම් පීඩනයකට පත් විය. ඔහු බලයට පත් වුවද, ඔහුට සෑම තරාතිරමකම දේශපාලන සතුරන්ගේ විවේචන ජය ගැනීමට සිදුවනු ඇත.
ලිස් ට්‍රස් ජොන්සන්ගේ විදේශ ලේකම්වරිය ලෙස හා වෙළඳ කටයුතු ලේකම් ලෙස සේවය කරන අතර අවසානයේ ඔහු සැප්තැම්බර් මාසයේදී නිලයෙන් ඉවත් වන තෙක් එය කරනු ඇත. බ්‍රෙක්සිට් ගනුදෙනුවේ ආන්දෝලනාත්මක කොටසක් වන උතුරු අයර්ලන්ත ප්‍රොටෝකෝලය නැවත ලිවීමේ ජොන්සන්ගේ සැලැස්මට දැඩි ආධාරකාරියක් වූ ට්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කොන්සර්වේටිව් බිම් මට්ටමේ ජනතාව අතර ඉතා ජනප්‍රිය බව වාර්තා වේ.

මේ වන විට සුනක් හා ට්‍රස් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති අතර අවසන් ඡන්දයෙන් අනතුරුව ජොන්සන් රැජිණ වෙතු ගොස් ඉල්ලා අස්වීම සිදු කළ යුතුය.ඒහා සමගාමීව නව අනුප්‍රාප්තිකයා ඇය වෙත ගොස් නව රජයක් පිහිටුවීමට ආරාධනා කිරීමද සම්ප්‍රදායානුකූලව සිදු කරනු ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...