ඇමතිකමත් නැති වූ සුසිල්ට පක්ෂයෙනුත් විනය පරීක්ෂණ

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ලේකම්වරයා පවසන්නේ.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගියදා දෙල්කඳ පොදු වෙළඳපොලට ගොස් සිටි අවස්ථාවේදී ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ඊට පසුදාම ඔහු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. කෙසේ නමුත් පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම හා ඇමති ධුරයෙන් ඉවත් කිරීම අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...