ඇමතිකමත් නැති වූ සුසිල්ට පක්ෂයෙනුත් විනය පරීක්ෂණ

0
794

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ලේකම්වරයා පවසන්නේ.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගියදා දෙල්කඳ පොදු වෙළඳපොලට ගොස් සිටි අවස්ථාවේදී ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ඊට පසුදාම ඔහු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. කෙසේ නමුත් පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම හා ඇමති ධුරයෙන් ඉවත් කිරීම අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here