සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

Date:

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධන වේගයක් වාර්තා වීමෙන් පසුව තුන්වන කාර්තුවකදී වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි.

වසරේ පළමු හා දෙවන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පැවතුණේ පිළිවෙලින් 4.8% හා 4.9% මට්ටම් වලයි. මේ අනුව, සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5.0%ක් ලෙස වාර්තා වෙනවා.

ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ ඇතත්, පළමු කාර්තු තුනේ ප්‍රතිඵල අනුව, මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 4.0%-4.5% සීමාවෙන් පහතට වැටීමේ ඉඩක් නැහැ. ආර්ථික වර්ධනය කෙරෙහි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන බලපෑම තාවකාලික බැවින් එමගින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...