මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW:

ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට අදාළ තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇති කළ සාර්ථකත්වය ආරම්භක පිතිකරුවන් විසින් පෙරට ගෙන ගියා.එහෙත් එසේ ලබා දුන් සාර්ථක ආරම්භයෙන් පසුව තරගය මැද පෙළින් ගිලීහී ගියත්,කොළඹ මහානාමයේ චාමික හිනටිගල පසු පෙළ පිතිකරුවන් ද සිය ව්‍යායාමය වෙනුවෙන් හවුල් කර ගනිමින් 50 වන ඕවරයේ දෙවැනි පන්දුවේදී, ශ්‍රී ලංකාවට ජය අත් කර දෙන්න සමත් වුණා.ඔහු නොදැවී ලබා ගත් ලකුණු 51 මෙන්ම පන්දු යැවීමේදි ලබා ගත් පලදායී කඩුලු දෙක ද සළකා තරගයේ විරයා වන්නට ද චාමිකට හැකි වුණා.


තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගන් ක්‍රීඩකයින් අවස්ථාව ලද අතර පන්දු යැවීමේ දක්ෂතාවය නිසා මෙන්ම පන්දු රැකීමේ දී ප්‍රදර්ශනකාමී උඩ පන්දු දෙකක් රැක ගත් කොළඹ ආනන්දයේ කිත්ම විදානපතිරණ මෙන්ම ප්‍රදර්ශණාත්මක ස්ටම්ප් කිරීමක් නිරත වුණ ත්‍රිත්ව විද්‍යාලයේ ආදම් හිල්මිත්,ත්‍රිත්වයේම ඩිමන්ත මහවිතාන පන්දු රැකීමේදී පෑ හපන්කම් ද ගත් විට ඇෆ්ගන් නොසීතූ ලෙස ලකුණු 235 ට සීමා කර ගැනීමට හැකි වුණා.


සෙත්මික තව දුරටත් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස රැඳෙන්නට අවශ්‍යය පමණට ලකුණු 49 ක් ලබා දී කඩුලු 3 ක් ලබා ගත්තා.දුල්මිත් සිගේරා ද ලකුණු ලබා ගැනීමට අපහසු දුෂ්කර තැනෙන් මිදෙන්න ආසා කළ පිතිකරුවන්ව ප්‍රහාරයට කැඳවමින් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.රසිත් නිම්සර ලකුණු 42 ට සහ චාමික හීනටිගල ලකුණු 33 ට කඩුලු දෙක බැඟින් දවා ගැනීමෙන් කැපී පෙණුනා.


මේ අභියෝග ඉදිරියේ ලකුණු ඔස්මන් සදාට් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කරමින් ලබා ගත් ලකුණු 52 ඉණිම හීනටිගලගේ පන්දු ඉදිරියේ කිත්ම විදානපතිරණ රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුවෙන් නිමා නොවන්නට ලකුණු පූවරුව තවත් පොහොසත් වන්නට තිබුණා.ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව රැඟෙන ගිය පිතිහරඹය මෙන්ම චාමික ශ්‍රී ලංකාවට එරෙහිව නැඟුණු ප්‍රබලම සබඳතාවය වූ අර්ධ ශතකලාභි ඔස්මන්ගේ මෙන්ම ඔහු සමග දෙවන කඩුල්ලට ලකුණු 75 ක සබඳතාවයක් පවත්වමින් ඇෆ්ගන් ඉණිමේ දෙවන පොහොසත්ම ඉණිමට හිමිකම් කි ෆයිසාල් ෂිනෝෂඩා (39) දවා ගන්නෙත් ඔහුයි.ඒ ආදම් වසින් කළ විශිෂ්ඨ ස්ටම්ප් කිරීම හරහායි.


ලකුණු 235 ක් ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට ලැබුණු ආරම්භය යහපත් එකක්.පළමු තරගයේදී මෙන්ම ඩිලන්ත මහවිතාන (27) සහ ශ්‍රී ලංකා ඉණිමේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වූ 62 රැස් කළ මාතර ශාන්ත ශර්වේසස් විද්‍යාලයේ විරාන් චමුදිත ද ලකුණු 55 ක සබඳතාවයකින් ඊට සම්මාදම් වුණා.නැවත තෙවන කඩුල්ල සඳහා කවීජ ගමගේ (34) සමඟ තෙවන කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවයක් එකතු කරන්නට සමත් වෙන විරාන් ලකුණු 138 දී සිව්වන කඩුල්ල ලෙස දැවී යාමෙන් ඉනික්බිති පිටියට පිවිසෙන චාමික හීනටිගලට ජයග්‍රහණයේ වගකීම තනිව සිය දෙ‘උවුර මත දරා ගන්නට වන්නේ සෙසු පිතිකරුවන් අතින් සිඳුවන අඩු පාඩු නිසයි.සිය පාසල් සඟයා වන දුල්මිත් සිගේරා (22) සමඟ හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 සබදතාවයක් පවත්වන චාමික,තරගයේ හැඩය දෙපසට දෝලනය වන තැනකට ගෙන ආවද,ඉනිත්බිති පිටියට පිවිසෙන සෙත්මික සෙනවිරත්න අවාසනාවන්ත ලෙස සියයට පනම පනහ සැළිකය හැකි විනිසුරු තීරණයකින් දුවද්දී දැවී යාමෙන් අනතුරුව තරගයේ ජයග්‍රහණයේ වැඩි බර ඇෆ්ගනිස්තාය මත පැටවෙනවා


එවැනි මොහොතක පන්දු 7 දී ලකුණු 12 ක් ලෙස ලකුණු පූවරුව කියවෙද්දී අනිත් අන්තයේ සිටින චාමිකට සහයක් වෙමින් පිඩනය අඩු කරමින් නොදැවී ලකුණු 6 ක් ලබා ජයග්‍රහණයට දායක වූ ලයිසියම් විද්‍යාලයේ රසිත් නිම්සර අපූරු හතරේ පහරක් එල්ල කරනවා.ඒ අනුව පන්දු හයකදී ජයග්‍රහණය සඳහා 8 ක් වූ ඉලක්කයට තනි අතට වැඩි බර ගෙන 50 වන පන්දු ඕවරයේ පළමු පන්දුවට ලෝන් ඕෆ් කළාපයෙන් චාමික ලබා ගන්නා හයේ පහරත් සමඟ චාමිකට 47 ක් සහ ජයග්‍රහණයට පන්දු පහකදී ලකුණු 2 ක් ලෙස තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වෙනවා.එම වාසිය දෙපසට හුවමාරු විය හැකි තත්ත්වයන් සපුරා නවතාලන චාමික ඊ ළඟ පන්දුවට එක්සට්‍රා කවර් කළාපයෙන් ඇති කර ගන්නා හිදැසෙන් තරගයේ ජයග්‍රහණයටත්,තමන්ට හිමි විය යුතුවම තිබුණු අර්ධ ශතකයටත් පාර විවර කර ගන්නවා.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4pDdn8O

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...