බුද්ධි අංශ තොරතුරු තිස්සකුට්ටි දන්නෙ කොහොමද ? – වහාම පරීක්ෂණයක් කරන්නැයි සුසිල් ඉල්ලයි

Date:

තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එම ප්‍රකාශය ඉතා බරපතල බවද ඔහු සඳහන් කරනවා.

බුද්ධි අංශ සොයා ගන්නා තොරතුරු, පළමුවරට පාර්ලිමේන්තු පැමිණි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ හරිහැටි අවබෝධ්‍යක් නොමැති තිස්සකුට්ටිආරච්චි මහතා වැනි පුද්ගලයෙකුට ලැබුණේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවයි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ.

අද (06) අධිකරණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේම්ජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...