ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා අවම කරගැනීමට මැදිහත් නොවීම පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂයට බලය හිමි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යෝජනා කරයි.

විපක්ෂයට අවශ්‍ය වන්නේ මෙහි ඇත්ත සඟවා ගැනීමට නොවන බව ඔහු පවසයි.

”අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති වුණ විනාශය අවම කරගන්න තිබුණ හැකියාව මේ අය නැති කරගත්තා. මේ අය නිසි සූදානමක් තිබ්බේ නෑ. ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර ආයතන මේ අපේ රටේ දේශගුණික ආයතන ආණ්ඩුවට මෙච්චර අනතුරු ඇඟවීම් කළත් ඒ පිළිබඳව නිසි ආකාරයේ ක්‍රියාත්මක නොවීම තමයි දහස් ගණනක් ජීවිත නැතිවෙන්න, කෝටි ප්‍රකෝටි ගාණක් දේපළ නැතිවෙන්න ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ. අපි යෝජනා කරනවා ඉතා පැහැදිලිවම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විපක්ෂයට බලය ලැබෙන ආකාරයේ සභාපති ධූරය, බහුතර සාමාජිකයින් ගණන සහිත. මෙතැනදී ඇත්තට ඇත්ත සඟවන්න නෙවෙයි අපට වුවමනාව තියෙන්නේ. මේ වැරැද්ද කොහොමද වුණේ මොකද වුණේ මේ වැරැද්ද මේ රටේ යළි ඇති නොවෙන ආකාරයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සිදුවීම පිළිබඳව පත්කරන්න කියල අපි යෝජනා කරනවා.’’ යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (15) සමඟි ජන බලවේගයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...