රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :
යළිත් ඇදහැලෙන මහ වැසි තත්වය හේතුවෙන් මුලතිව් මුහුදු සීමාව ඇතුළු උතුරු මුහුදු සීමාව නැවතත් රළු ස්භාවයක් ගෙන ඇති බව ධීවරයින් පවසයි.
ඒ අනුව මුහුදු කලාපය රළුව ඇති බැවින් ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු නොයන ලෙස, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික නිළධාරීන් උතුරු පළාතේ ධීවරයින් වෙත පවසා ඇත.
මුලතිව්,මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කයන්හි මුහුදු සීමාවන් රළුව ඇති බවද ධීවරයින් පවසයි.

