සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල ආරම්භ කිරීම වෙනුවෙන් මූලික කටයුතු ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් දිලිත් ජයවීර මන්ත්‍රීවරයා කරන ලද ප්‍රශං කිරීම්වලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

”නේෂන් බ්‍රැන්ඩින් ආරම්භ කරන මූලික ප්‍රසම්පාදන කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න නේෂන් බ්‍රැන්ඩින් අත්‍යවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ සඳහා සියලු පාර්ශව එක්ක සාකච්ජා පවත්වමින් විශාල මුදලක් වැය වෙනවා ඇත්තටම මේ වැඩේට. නියමානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් ඉදිරියේදී අපි ආරම්භ කරනවා.” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...