හරීන් දැන්වත් එජාපයට යන්න – සජබ සංවිධායකවරුන් ඉල්ලයි !

Date:

තවදුරටත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි රැඳී නොසිට දැන්වත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටී.

හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූ අතර මේ වනවිට ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට එක්ව අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිස්ව ඇති බැවින් හරීන් ප්‍රනාන්දු මහතාට සජබ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට හැකි බවයි සජබ ආසන සංවිධායකවරුන් පෙන්වා දෙන්නේ.

සජබ මන්ත්‍රී ධුරය තවදුරටත් දැරීමට හරීන් ප්‍රනාන්දු මහතාට නෛතික වශයෙන් බාධාවක් නොමැති නමුත් ඊට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් සජබ ආසන සංවිධායකවරුන් පෙන්වා දෙති.

මේ වනවිට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රුවන් විජේවර්ධන මහතාව පත්කිරීමට යෝජනා වී ඇතැයි දැනගැනීමට ලැබී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉහළම වැඩ කොටසක් කරන ලද්දේ රුවන් විජේවර්ධන නොව හරීන් ප්‍රනාන්දු මහතා විසින් බැවින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යළි එම පක්ෂයටම ලබාදී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළයුතු බවත් සජබ සංවිධායකවරුන් පවසයි.

විශේෂයෙන් සමගි ජන බලවේගයෙහි සිටි කාලය තුළ සදාචාරාත්මක දේශපාලනය පිළිබඳව ඉතාම ඉහළින් කතා කළ හරීන් ප්‍රනාන්දු මහතාට එම සදාචාරයට තමන්ගේ ඇති කැපවීම ඔප්පු කිරීමේ අවස්ථාවක් හිමිව ඇති බවයි සියලුම සජබ සංවිධායකවරුන් පෙන්වා දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...

ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව...

Invest Sri Lanka ආයෝජක සමුළුව සිංගප්පූරුවේදී ඇරඹෙයි

කොළඹ කොටස් වෙළඳපොල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය...