කිසිදු ජන අභිමතයක් නොමැති ජනාධිපතිගේ පහර දීම ව්‍යවස්ථා විරෝධියි – කාදිනල් හිමි (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන පැය 24ක් යාමට පෙර සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද අමානුෂික හා නීතිවිරෝධී පහර දීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.

ඒ, අද (22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් වැඩි ජන්දයෙන් ජනාධිපති ධූරයට පත්වූ එතෙක් පාර්ලිමේන්තුව තුළ කිසිදු ජන අභිමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම පහර දීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රක්ෂණයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කඩ කර ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට ද පොලීසිය හා හමුදාව යොදවා පහර දීම හෙළා දකින අතර මෙම ව්‍යවස්ථා විරෝධී හා මිලේච්ජ ප්‍රහාරය ගැන ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකර එයට පණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් මෙන්ම මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉල්ලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...