පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි පිට අදඋදැසන නොසන්සුන්තාවක් ඇති වු අතර,අදාළ නොසන්සුන්තාවය අතරතුර පොලිස් රාජකාරියට බාධාවන අයුරින් හැසුරුණ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය,පලාලි පොලිසිය පවසයි.

අද(21) උදැසන තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක් පවත්වන බවට තොරතුරු ලැබී තිබු අතර,එහිදි පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද ගෙන තිබු බව, පොලිසිය පැවසූවේය.

පොලිසිය සඳහන් කර සිටියේ, අදාළ අධිකරණ නියෝග නොතකා පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළුවීමට උත්සහ කළ බවත් එහිදි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් පැවසූවේ තමන් ඇතුළු පිරිසක් විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා අද(21) විරෝධතාවයක් පැවැත්වු අතර,එහිදි පොලිස් නිළධාරීන් විසින් විරෝධතාකරුවන්ට විහාරස්ථාන ගේට්ටුව තුළින් විහාරස්ථානයට ඇතුළුවීමට අවස්ථාවක් නොදුන් බැවින් නොසන්සුන්කාරි තත්වයක් හටගත් බවයි.

විරෝධතාකරුවන් පවසා සිටියේ, විරෝධතාවය අවස්ථාවේ වේලන් ස්වාමි ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද විහාරස්ථානයේ ඉදිකිරීම් නවත්වන ලෙසට හා විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවැත්වවුනු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...