ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

Date:

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන් සිතා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා පවසයි.

“ඇත්තටම ගංවතුරට අහුවෙලා තියෙන්නෙ විපක්ෂය. ඒක තමයි කියන්න වෙන්නෙ. වෙන මැදිහත්වීමක් කළා නම් ඒගොල්ලො සුරක්ෂිතතා මධ්‍යස්ථාන ගාවට ගිහිල්ලා, කලින් නියෝජිතයෙක් යවලා, මෙතන පොඩ්ඩක් මොනවාහරි අඩුවක් තියනවද කියලා බලාන වරෙන් කියලා, ඊටපස්සෙ නාමල් මහත්තයා යනවා, තව කෙනෙක් යනවා. දෙපොළකට විතර ගිහිල්ලා මොනවාහරි ලොකු ටෝක් එකක් දානවා. මේ ගංවතුර සමහරු බලපුවාම විපක්ෂයට එගොඩ යන්න ඔරුවක් දියත් කරගන්න හොඳ තැනක් කියලා හිතාගෙන. නමුත් ඒ ගංවතුරට අහුවෙලා, ඒ සැඩ පහරට ගහගෙන ගිහිල්ලා, ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය”

චමින්ද ලලිත් කුමාර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (21) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...