මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW :

මුහුණු පොත ඔස්සේ , නාවික හමුදාපති කාංචන බානගොඩ මහතාගේ අභිමානයට කැළලක් වන ආකාරයෙන් අපහාසාත්මක ඵල කිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කර සිටියේ. හාලි ඇල පදිංචි නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියකු ඉකුත් 20 වෙනිදින කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන සිද්දු කරන බවයි .

එම අපහසාත්මක පළ කිරීම සිදුකර ඇත්තේ ,වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ බෝයගනේ ප්‍රදේශයේ පදිංචි ලුතිනන් කොමාන්ඩර් (සංඥා) වරයෙකු ඔහුගේ මුහුණු පොතේ ගිණුම ඔස්සේ බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.ඔහු එදිනම විශ්‍රාම ගොස් තිබෙන බවද වාර්තා වේ.

එම අපහසාත්මක පළ කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වැඩි දුරටත් සඳහන් කර සිටී.

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...