දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

Date:

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ Homestay Tourisam ප්‍රවර්ධන වැඩසටහන ජනගත කිරීම හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (Ceygate Travels(pvt)ltd) ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම අද (23 ) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් ආර්ථික වශයෙන් සවිබල ගැන්විය හැකි ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත අඩු ආදායම්ලාභී ප්‍රජාව සංචාරක කර්මාන්තය සඳහා පුරුදු පුහුණු කිරීමත් , පසුබිම සැලසීම, ආධාර හා ණය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී කළුආරච්චි, Ceygate Travels (pvt) Ltd ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ කේ.එස්.ඒ.සී සෙනරත් ආරච් මහත්වරුන් විසින් වැඩසටහන සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් Ceygate අන්තර්ජාල යෙදවුම විවෘත කිරීම සිදුකළ අතර, ඒකාබද්ධ වැඩසටහනට අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී සිදුවිය.

ඇමරිකාවේ ශාන්ත ලුයිස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් කරුණාරත්න, Ceygate Travels සභාපති සුනිල් හේරත් මහත්වරුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වැඩසටහනේ කාලීන අවශ්‍යතාවය පිළිබඳව අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...