ජනතා ප්‍රශ්න වලට උත්තර හොයන්න “ජාතික සභාවක්” හදන්න විපක්ෂ නායක තීන්දු කරයි

Date:

බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් රට ගොඩනගන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව නිශ්චිත අවබෝධයකට පැමිණිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ උදෙසා ජාතික සභාවක් ගොඩනැඟිය යුතු යැයි ද එය ලබන අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයේදී පිහිටුවන බව ද පැවසීය. ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඉඩකඩ විවර කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින් හිටපු අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ගෙදර යැවූ බවත්, නමුත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්ෂ නායකතුමා පැවසීය. නව ජනාධිපතිවරයා පත් වූ දාට පසු දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළේ විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බව යැයි කී විපක්ෂ නායකතුමා, සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය යැයි ද ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමති අන් තට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. 225 ම එකයි යන්න නිවැරදි නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඇත්තවශයෙන්ම 134ම එකයි යන්න නිවැරැදි බවද කීය. ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත ව යැයි පැවසූ විපක්ෂ නායකතුමා එයින් අනතුරුව රට ගොඩනැඟීම වෙනුවෙන් අප සියලු සියළු දෙනා එක්ව සම්මුතියක් සකසා ගත යුතු බව ද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ (23) පෙරවරුවේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදීය. පසුගියදා පැවතියේ ජනාධිපතිවරණයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඇත්ත වශයෙන්ම තිබුණේ අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පත්කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් බවද පැවසීය. මහ පොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත්පා ර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵල වලින් පැහැදිලි වූ බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඊට ඉදිරිපත් වන්නට ගියේ ඒ යථාර්ථය අවබෝධ කොටගෙන බවයි ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...