පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගෙවුණු අඟහරුවාදා (22)දින රාත්‍රියේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටියදී දිවිසැරිය නිම කර තිබේ.

වචනයේ පරිසමාප්තයෙන්ම චන්ද්‍රයන් තිස් හයදෙනෙකුගේ ප්‍රභාවෙන් පනස් වසක් සිංහල කළා කේත සිය කෘතහස්ත රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ඒකාලෝක කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මියයන විට 84 වන වියේ පසුවිය.

ශ්‍රී ලාංකේය කලාවේ ප්‍රතාපවත් පෞර්ශයක් වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් 1941 පෙබරවාරි 11 වෙනිදින කැලණියේදී උපතලද අතර සිය කලා ජිවිතය ආරම්භ කරනුයේ 1960 දශකයේ දි වේදිකාවෙනි.

ඔහුගේ ප්‍රථම වේදිකා රංගනය ලෙස සැලකෙන්නේ ‘මනමාලයෝ‘ නාට්‍යය යි.

ඊට අමතරව ‘බක්මහ දීගේ ,මුහුදු පුත්තු,මහාසාර, තහංචි, කුවේණි, රත්තරං, කොරා සහ අන්ධයා‘ යන ජනප්‍රිය වේදිකා නාට්‍යන් හරහා සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන්නට විය.

ඉන් අනතුරුව වේදිකා නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වන එතුමාගේ ප්‍රථම වේදිකා නාට්‍ය වුයේ 1963දී වේදිකාගත වූ ‘බකතපස්’ වේදිකා නාට්‍යයයි.

1960 වසරේදී ‘සංදේශය‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් එතැන් පටන් දශක කිහිපයක් පුරා චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

ඉන් ‘පුජිතයෝ, පොඩි මල්ලි, කොටිවලිගය, වීර පුරන් අප්පු ,සිරිපාල සහ රන්මැනිකා,බඹරු ඇවිත්, හන්තානේ කතාව, නිධානය, අහස් ගව්ව‘ වැනි සම්භාව්‍ය සිනමා නිර්මාණවල ඔහු කළ රංගනයන් අතිශය ප්‍රශංසනීයයි.

මාතර ආච්චි‘ චිත්‍රපටය හරහා 1973 දි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ‘රාජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා සහ සතර දිගන්තය, වදුල,වොක්ස්වැගන් කාරය‘ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබිය.

චිත්‍රපට රැසකටම රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වූ එතුමා 1982 වර්ෂයේදී ‘එක මවකගේ දරුවෝ‘ ටෙලි නාට්‍ය හරහා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අතර එතැන් පටන් ශ්‍රී ලාංකෙට ටෙලි කලාවට නැතුවම බැරි ප්‍රතාපවත් පෞර්ෂයක් විය.

සිනමා අධ්‍යක්ෂකවරයෙක් හා සිනමා නළුවෙකු වශයෙන් පමණක් නොව ධනාත්මක චින්තකයෙක් හා පෞර්ෂ ගොඩනැංවීමේ දේශකවරයකු වශයෙන්ද ඔහු සමාජය තුළ ප්‍රභල භූමිකාවක් නිරුපනය කිරීමට සමත් විය.

ග්‍රන්ථ රචකයෙකු වූ එතුමා අතින් සම්පාදනය වූ ග්‍රන්ථ සංඛ්‍යාව 25කට අධිකය. ඔහු සිය අත්දැකීම් සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව”සතිස්චන්ද්‍ර” (ආත්ම චරිතාපදාන) ,පෙරහැරක ගිය කල, අපසතු මිනිමුතු, අපේ තාත්තා, ගුරු භූමිකා, යන ග්‍රන්ථ ද රචනා කර ඇත,

ශ්‍රී ලාංකේය කළා කේත රංගනයෙන්, භාෂණයෙන්, ලේඛනයෙන් පොහොසත්කල එතුමා දේශීය සම්මාන උළෙල රැසකදී හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය යන අංශවලින් සම්මානයට පාත්‍ර ව ඇති අතර සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා කලාවට කළ මෙහෙවර උදෙසා කලාශූරී සහ දේශබන්දු වැනි ගෞරව නාමයන්ගෙන්ද පිදුම් ලබා ඇත.

මේවන විට සතිශ්චන්ද්‍රයන්ගේ දේහය රාගම පුද්ගලික රෝහලක තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා(25) පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.

සිංහල කලා කේත පෝෂණය කිරීමට අසහාය මෙහෙයක් ඉටුකර අප අතරින් සදහටම වෙන්වූ කලාශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් නිවනින් සැනසේවා යැයි පතමු.!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...