සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය

Date:

කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භවීමට පෙර කැබිනට් සංශෝධනය සිදුවන බවත්, ඇමතිවරුන් රැසකගේ විෂයයන් වෙනස්වීමට ඉඩ තිබෙන බවත් පසුගිය දිනවලදී වාර්තා විය. කෙසේ නමුත් විමල් වීරවංශ ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ අතර මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න විමසද්දී ඔහු සඳහන් කළේ සියලු සංස්කාරයෝ නැසෙන සුළු බවයි.

නව වසරේදී කුමක් සිදුවේදැයි විමසූ විට ඇමතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව අනාවැකි කීමට තමා සුමනදාස නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...