පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිවේ සංවර්ධනය සහ දක්ෂයන් හඳුනා ගැනීම පිණිස සංවිධානය කරන Women’s NSL T20 2026 තරගාවලිය ජනවාරි 8 වන දා සිට ආරම්භ වෙනවා.විස්සයි විස්ස තරග ලෙස ක්‍රියාත්මක මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආශිර්වාදය ඇතුව නම් කරන ලද දක්ෂ ක්‍රීඩකාවන් නියෝජනය කරන කණ්ඩායම් හතරක් මෙම තරගාවලියේ දී තරග වඳින අතර එම කණ්ඩායම් ග්‍රීන්,රෙඩ්,ඈෂ් සහ බ්ලූ ලෙස වර්ණවලින් නම් කර තිබෙනවා.


තරග දෙකක් පෙරවරුවේ සහ පස්වරුවේ පැවත්වෙන ආකාරයට සංවිධානය වී ඇති මෙම තරගාවලියේ ලීග් ක්‍රමයට පැවත්වෙන මූලික වටයේ තරගවලදි එක කණ්ඩායමකට අනෙක් කණ්ඩායම තරගාවලිය තුළ අවස්ථා දෙකකදී මුණ ගැසෙන ලෙස තරග කාල සටහන සංවිධානය වී තිබෙනවා.තරග පැවත්වීම සඳහා සරවනමුත්තු ක්‍රීඩා පිටිය,බීආර්සි ක්‍රීඩා පිටිය,තර්ස්ටන් ක්‍රීඩා පිටිය සහ කෝල්ට්ස් ක්‍රීඩා පිටිය යොදා ගන්නට නියමිත අතර තරගාවලියේ අවසාන තරගය ජනවාරි 17 වන දා පී සරවනමුත්තු පිටියේී පැවත්වීමට නියමිතව තිබෙනවා.
මේ සමඟ ජනවාරි 8 වන දා සිට 17 වන දා දක්වා තරග පැවත්වෙන තරග කාල සටහන දක්වා ඇති අතර එහිදී එම කණ්ඩායම් තරග වඳින ආකාරය මෙන්ම තරග වඳින ස්ථානය ද දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...