ජනාධිපති මන්දිරයෙන් සොරාගත් පිත්තල බෝල 40ක් විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට

Date:

ජනාධිපති මන්දිරයේ ජනේල තිරරෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබුණු රන් පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, ඒවා පැරණි භාණ්ඩ වශයෙන් විකිණීමට සූදානම් වූ තිදෙනෙකු ඊයේ (24) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන අය බවයි පොලිසිය පවසන්නේ. ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේදී ය. ඔවුන් පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී මෙම සොරකම කර ඇති බවත් සඳහන්.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයට අදාළ විමර්ශන මෙහෙයවන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...