ජනාධිපති මන්දිරයෙන් සොරාගත් පිත්තල බෝල 40ක් විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට

Date:

ජනාධිපති මන්දිරයේ ජනේල තිරරෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබුණු රන් පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, ඒවා පැරණි භාණ්ඩ වශයෙන් විකිණීමට සූදානම් වූ තිදෙනෙකු ඊයේ (24) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන අය බවයි පොලිසිය පවසන්නේ. ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේදී ය. ඔවුන් පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී මෙම සොරකම කර ඇති බවත් සඳහන්.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයට අදාළ විමර්ශන මෙහෙයවන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...