අද දින විශේෂ ඩෙංගු පාලන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Date:

අද (25) දින විශේෂ ඩෙංගු පාලන දිනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉදිරියේදී මතුවීමට ඉඩ ඇති ඩෙංගු වසංගත තත්ත්වයක් පාලනය කිරීමේ අරමුණින් මෙසේ විශේෂ ඩෙංගු පාලන දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිත පුද්ගලයන් 43,000 කට අධික ප්‍රමාණයක් හමුවී ඇති බවත්, ඉකුත් ජූනි මාසයේ පළමු දින 21 තුළ පමණක් ඩෙංගු ආසාදිත පුද්ගලයන් 8,000 ක් හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය ප්‍රකාශ කරයි.

ඒ අනුව, සියලු රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වල කාර්යමණ්ඩල විසින් අද දිනයේ පැයක කාලයක් ගෙන තම අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගෙන විනාශ කර දැමිය යුතු අතර, එම කලාපය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම, ඩෙංගු පාලනය සඳහා කමිටුවක් පත්කිරීමට ද මෙම ආයතන කටයුතු කළ යුතු බව එම උපදෙස් වල සඳහන්.

ජාතික ඩෙංගු පාලන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ ප්‍රකාශ කර සිටියේ, පොදු ස්ථාන වල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බවත් පවතින තත්ත්වයන් යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවලට සියලුම ස්ථාන පරීක්‍ෂා කිරීම අපහසු බැවින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගෙන විනාශ කර රෝග ව්‍යාප්තිය වැළැක්වීම සාමාන්‍ය ජනතාව තම වගකීම ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...