ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

Date:

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ නිල කමිටුවක් පත් කිරීමට අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාව විසින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ පැකේජය හැසිරවීම එම කමිටුව සකස් වෙන බව සඳහන්.

සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, ඉන්දියානු ණය මාර්ගය යටතේ සිදුකළ යුතු මිලදී ගැනීම් සහ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඉන්දියාවෙන් මිනිස් බලය යෙදවීම පිළිබඳ එම ඒකාබද්ධ කමිටුව විසින් තීරණය කරනු ඇති අතර මාර්ග සහ දුම්රිය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය, නිවාස, කෘෂිකර්මාන්තය සහ ක්ෂණික ආපදා ප්‍රතිචාර කණ්ඩායමක් පිහිටුවීම යන කාණ්ඩ පහක් යටතේ මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් තුළ ව්‍යාපෘති නිම කිරීමට ඒකාබද්ධ කමිටුව කාල රාමු තුනක් යටතේ කටයුතු කිරීමට නියමිත බව සඳහන්.

නිවාස, වෛද්‍ය, අධ්‍යාපනය, දුම්රිය සහ මාර්ග ඉදිකිරීම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහාය ඇතුළුව සහාය ලබාදීම සඳහා ඉන්දියානු කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.

ඒ අනුව එහි කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත අතර අවශ්‍ය රැස්වීම් පැවැත්වීමේදී සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අදාළ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව අදාළ ප්‍රතිසංස්කරණ සිදුවනු ඇති.

ඉන්දියාවේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක ආධාර පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත්ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයා ලෙස පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් අදාළ සහන පැකේජය පිළිබඳ අනාවරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...