සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ පරාජයෙන් පසු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බලයේ තබා ගැනීමේ කුමන්ත්‍රණයකට සහභාගී වීම හේතුවෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් 10 දෙනෙකු නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින් අද(28)දිනයේදී මෙම තීන්දුව නිකුත්කර ඇති අතර ඔහු සිය නියෝගයෙහි සඳහන් කර තිබුණේ, තීරණයේ සඳහන් කළේ නිලධාරීන් 10 දෙනා කුමන්ත්‍රණය සැලසුම් කිරීමට උදව් කළ බවත්, බොල්සොනාරෝ බලයේ රැඳී සිටීමට උපකාර කිරීම සඳහා සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පතුරුවා හරින බවත්ය.
ඒ අනුව, නිවාස අඩස්සියේ තැබීමේ නියෝගයට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයින්ට දේශීය හා විදේශීය සංචාර තහනම් කිරීම, සමාජ මාධ්‍ය භාවිතා කිරීම හෝ දැනට විමර්ශනය යටතේ සිටින වෙනත් අය සමඟ සම්බන්ධ වීම තහනම් කිරීම් අකර ඇති අතර විදේශ ගමන් බලපත්‍ර සහ ගිනි අවි බලපත්‍ර භාර දීමට ද නියෝග කර තිබේ.
2022 මැතිවරණයෙන් වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝහට මේ වන විට වසර 27ක සිර දඬුවමක් නියම වී ඇති අතර ඔහුගේ සමීපතමයකු වන ජනාධිපති ට්‍රම්ප් මෙය දේශපාලනික පලිගැනීමක් බව පවසමින් බ්‍රසීල ආනයන සඳහා තීරුබදු වැඩිකර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් හා ඔහුගේ සමීපතමයන්ට විසා තහනමක් ද පනවා තිබේ.

